Sunday, June 9, 2013

තවත් එක ආදර කතාවක්… 3

කලින් පිටුව  බැලුවේ නැත්තම් මෙන්න මෙතනින් පෙරලලා බලලා එන්න...


පහුවදාත් අපි වෙනදා වගේම බස් හෝල්ට් එකේදී සෙට් උනා... මෙන්න දැකලා පුරුදු එකෙක් ත වන වන අපේ පැත්තට එනවා... බැලින්නම් මිලිඳුලාගේ අලුත් යාළුවා...

" මචන්ලා සුබ මෙව්වා එකක් වේවා කිව්වා එහෙනම්.. "

" ඒයි, උබ මොනවද යකෝ මේ බස් එකේ කරන්නේ..? " සුමනා හැමදාම වගේ අදත් පටන් ගත්තා...


"ඇයි  ඇයි  අපිට මේ බස් එකේ එන්න තහනම්ද..? මම මේ අපේ ප්‍රේම කුරුල්ලට සුබ පණිවිඩයක් ගෙනාවා බන්... අන්න උබේ බිබික්කම දැන් ස්කුල් වෑන් එකේ නෙමෙයි යන්නේ... මම දැක්කා එකී අද 6.30 බස් එකේ යනවා.. මම මේ ඒක කියන්න ඕනේ  නිසා උබලට සෙට් උනේ..." 


" නෑ..........!!!!! අඩේ උබව අල්ලන් ඉම්බත් හිතට මදි බන් මේ කරන උදව් වලට...."  මම එහෙම කිව්වේ ඌට පිටට තට්ටුවක් දාන ගමන්...

" මේ මචෝ, එක නෙමෙයි ඇයි  උබ ට්‍රයි කරපු කල්ලව මුට සෙට් කරලා  දෙන්න ඔච්චර කට්ට කන්නේ..? උබ වගේ එකෙක්ව අදහන්න වටිනවා නේ බන්... " ශෙලනයත් පුදුම වෙලා...


" අපි එහෙමයි සනා, කාට උනත් හරියනවනම් අත හිත දෙන්න කොල්ලා පස්ස ගහන්නේ නෑ.. "

"එක නෙමෙයි බන්... උබනම් ඇවිත් ඔත්තුව දීල ගියා... දැන් අපි එපැයි මූ එක්ක 6.30 බස් එකේ යන්න එන්න කට්ට කන්න ඕනේ..." තුෂානයා කිව්වේ මූණත් ඇද කරගෙනමයි...


" යකෝ...!!!! මමත් මේ කල්පනා කරේ .එකමයි බන්.. 9.00ට වැඩට යන්න මොන  ලබ්බකටද 6 ටත් කලින් නැගිටින්නේ  කියලා ගෙදර මිනිස්සුත් බලයි බන්... අනික අම්මටත් තවත්  උදෙන් නැගිටින්න වෙනවා අපිට කෑම  එක හදලා  දෙන්න... " ඒ ශෙලනයා.


යාලුවන්ට උනත් එහෙම කරන එක හරි නැති බව මටත් තේරුනා..උන්ගේ පැත්තෙන් උන් කියන එකත් හරි... යාලු ෆිට් එක මොකක් උනත් ඕනවට වඩා යාලුවන්ටත් කරදර කරන්න හොඳ නෑ..අනික මේක මගේ වැඩක් නේ... මෙච්චර දවස් උන් පුළුවන් උපරිමෙන් මට උදව්ත් කරා...


"හ්ම්ම්..අනේ මචන් උබලා එන්න ඕනේ නෑ... මේ කරපු උදව් මදැයි බන් මට..." වෙන කියන්න දෙයක් නැති නිසා මම එහෙම කිව්වා...


" හා හා සනා... උබ බය වෙන්න එපා... මම යන්නෙත් ඒ බස් එකේම තමයි බන්.. මම එන්නම් උබ එක්ක යන්න... ඒත් උබ මොනවද ගෙදරට කියලා එන්නේ..? " 

අලුත් බුවා එහෙම කියනකොට  මු මොන වගේ යාලුවෙක්ද කියලා මටත් හිතා ගන්නම බැරි උනා...

" මොනවා හරි කියලා එන්නත් එපැයි බන්... එහෙනම් හෙට ඉඳල 6.30 යන්න සෙට් වෙමුද..? "

" අනිවා ඩෙෆා උබ වෙලාවට වරෙන්.. මම නම් කොහොමත්  ඒ බස් එකේ තමයි යන්නේ... "

"එහෙනම් පුතේ මුව හෙට ඉඳලා  පරිස්සමෙන්  එක්කන් පලයන්.... කුඩ , සපත්තු පාරවල් එහෙම මුට අපලයි.. " තුෂානයා සුපුරුදු කින්ඩියක් දාලා මගේ පිටට එකක් ගැහුවා...

"උබට පුලුවන්ද අද 1.30ට බස් හෝල්ට් එකට එන්න... මොකද එකී උදේ බස් එකේනම් ගියේ දවල්ටත් බස් එකේම එපැයි බන් යන්න... එහෙම නැත්තම් කව්ද දන්නේ අද ඒකිට වෑන් එක මිස් වෙලා බස් එකේ සෙට් උනාද කියලා... දවල්ටත් බස් එකේනම් යන්නේ අනිවා ඩෙෆා එකී බස් එකේම තමයි යන්නේ.. බස් එකේ යන්නේ නැත්තම් හෙට උදේ සෙට් වෙන එකෙන් වැඩක් නෑ "

බලාගෙන ගියාම උගේ ටිකිරි මොළෙත් නරකම නෑ...


" ඔව් මචන් ..එකනම් ඇත්ත. උබ අද දවල්ට ගිහින් පොඩ්ඩක් බලලම හෙට සෙට් වෙයන්... " අරුන් දෙන්නත් අලුත් බුවාගේ කතාව ස්ථිර කරා...

" හරි එහෙනම්.. මම සෙට් වෙන්නම්.. 12 ඉඳලා  1.30 වෙනකම් කොහේ හරි රවුමක්  දාන්න තමයි වෙන්නේ... මොනවා කරන්නද... ප්‍රේමති ජායති සෝකෝ නේ බන්..." 

හිනා හඬ මැද්දෙම කට්ටිය සතුටෙන් සාම දානෙන් විසිර ගියා...

*****************************************************


අදනම් ක්ලාස් එකේ වෙලාව යන්නෙත් හෙනම හෙමින්... දවල් වෙනකම් මම ඔරලෝසුවේ කටු ගැන ගැන හිටිය මිසක් වෙන්නම් කිසිම වැඩක් කරේ නෑ... කොහොමින් හරි ක්ලාස් එකනම් ඉවරයි....එත් ඉතින්  තව පැය එකහමාරක් කට්ට කන්න එපැයි.... යන්නේ කොහෙද කියලා කල්පනා කරනකොට තමයි මතක් උනේ සැපට දුකට පිහිට වෙන බොරැල්ලේ එකේ උඩ  තට්ටුවේ තියෙන බංකුව...  වෙන කරන්න දෙයක් නැති නිසා බංකුව උඩට වෙලා  1.30 වෙනකම්ම එතන ළඟ ගහකට  වහන කාක්කෝ ගණන් කර කර හිටියා...


හරියටම 1.30ට කොල්ලා බස් හෝල්ට් එකේ... එත් ඉතින් ඉස්කෝලේ ළමයි එන්න තව විනාඩි 10ක් 15ක් වත් යනවා.... මගේ අලුත් යාළුවා යන්නෙත් ඩී .එස්  නිසා ඕකා ඉක්මනට  එනවා කියල මම දන්නවා... එත් කෙල්ලගේ ඉස්කෝලේ ඊටත් වඩා ළඟ... එත් කෙල්ලෝ ගැස්සී ගැස්සී පැද්දී පැද්දී එනකොට ටිකක් වෙලා යයි..... හිත මගෙත් එක්කම කතා කරනවා... ටික වෙලාවකින් යාළුවා එනවා අත වන වන... හම්මෝ... ඌව දැක්කම මට හරියට නිකම් දෙයියන්ව දැක්ක වගේ....


"මොකෝ බන් පරක්කු... මම මේ උබ එනකම් බල බල හිටියේ..."

" යකෝ මම පරක්කුයිද...? ඉස්කෝලේ ඇරුන ගමන් දුවලා බන් ආවේ.. යමන් යමන් අපේ බස් නවත්තන තැනට..." ඌ තාම හති අරිනවා...

වෙලාව හරියටම එක පසුවී  විනාඩි 42යි... (වෙලාව ඔබ වෙන ගෙන ආවේ දන්තාබුජ අනුග්‍රහගෙන්) අපි දෙන්නම දෑස් දල්වාගෙන සිටි ඒ සුබ මොහොත එළඹුනා... ලතාවකට කෙල්ල ඈත  එනවා අපි දෙන්නම දැක්කා...මගේ හදවතේ ගැස්මත්  වැඩි උනා හරියට මොරටුවේ ලී මෝලක් වගේ... 

"දාපන් පහක්.." යාළුවා අත මගේ පැත්තට දික් කරා...

" ඇයි බන් පහක්...? දාහන් දහයක්ම..." මම උගේ අත්  දෙකට පටාස් ගහලා එකක් ගැහුවා... කෙල්ලත් දැක්කා අපි දෙන්නගේ මෝඩ ආතල් එක... ඒකිට හිනා...

" අන්න පුතේ කෙල්ල හිනා වෙනවා... ඒ කියන්නේ වැඩේ බාගයක් ගොඩ කියන එක තමයි...අදවත් ගිහින් කතා කරපන් එහෙනම්...එකී නැගල ටික වෙලාවකින් අපිත් නගිමු.. උබ ගිහින් එකී ඉඳ ගන්න තැනම ඉඳ ගනින්..." අරු මාව තව ෆෝම් කරනවා...

"අම්මෝ බන්... එකී ඉන්න තැනින් ඉඳ ගන්නත් ඕනෙද...? " මම එහෙම කිව්වේ ඔන්න බයටනම් නෙමෙයි... අපිත් ලජ්ජා බයට හදුනා කොල්ලෝ නේ...

" ඇයි බූතයෝ එකී තොට බැනලා එලවන්නද...? මොකෝ බස් එක ඒකිගේ තාත්තගේද..? උබ කෙල්ලගේ මූඩ් එක මොන වගේද කියලා මුලින්ම බලපන්...කව්ද දන්නේ අද ඒකිට පිරියඩ්ස් හැදිලා බඩේ අමාරුවෙන් ඉන්නවද කියලා..... බලලා  ගේමට සෙට් වෙයන්..."  අරුගෙන් මට උපදෙස් කෝටියයි....

ඒකී ගිහින් බස් එකට නැග්ගා... කරුමෙක මහත කියන්නේ මේකි  ගිහින් ඉඳ ගත්තේ තනි සීට් එකක... හයියෝ අරුගේ උපදෙස්... 

"කෙලියා නේද කොල්ලෝ තාප්පෙටම... හරි සනා උබ ඇඹරෙන්න එපා.. බස් එකට ටිකක් සෙනග පිරෙනකම් ඉඳල අපිත් ගිහින් එකී ගාවින්ම හිට ගමු..." අරුගේ ප්ලෑන් බී එකත් මට කිව්වා...

"මේ, මම ලඟින්ම හිට ගන්නම්... නැත්තම් එකී කොර වෙයි අපි දෙන්නම ඒකිට ට්‍රයි කියලා..." මම ඌට කින්ඩියක් දැම්මා...

"හරි හරි ගෝතයෝ.. තෝ ගිහින්  එකී ලඟින් හිට ගන්න බැරිනම් ඔඩොක්කුවෙන් වාඩිවෙයන්..මට ඒකිව ඕනෙනම් මම උබට හෙල්ප් කරන්නේ නැහැ නේ...."

අපි දෙන්නත් හෙමින් හෙමින් ගිහින් කෙල්ල ගාවින්ම හිට ගත්තා... අපි ගියා විතරයි කෙල්ලත් බය වෙලා වගේ ඇඹරෙනවා... 

"මචන් මට මේකිගේ ෆොටෝ එකක් ගන්න ඕනේ බන්.." මම අරුගේ කනට කරලා කිව්වා...

" කරන මගුලක් පරිස්සමෙන් කරපන්.. මතකනේ උබේ යාලුවොත් කිව්වා... කුඩ පාරවල්, සපත්තු පාරවල් වලින් උබට අගුනයි කියලා..."


එතකොට මගේ ගාව තිබ්බේ නොකියා 7610 එකක්... ඕක ඒ දවස් වල සිරාම සිරා ෆෝන් එකක්...








කොල්ලා දන්න සෙල්ලම් දාලා කෙල්ලට හොරෙන් එක ෆොටෝ එකට ෆොටෝ දෙකක්ම ගත්තා... මම එයින් එකක් පෙන්නන්නම්... මේක දැම්ම කියලා මොනවත් වෙන්නේ නෑ  කියලා මම දන්න නිසයි දාන්නේ...මේ ෆොටෝ එකට අදට අවුරුදු 8කටත් වැඩියි... එත් තාම මගේ ගාව තියෙනවා...





කොහොම හරි එදත් කතා කරන්න බැරි උනා... අපි දෙන්නා වව්ලෝ දෙන්නෙක් වගේ කෙල්ල ගාව එල්ලිලා ඉඳලා ගෙදර ගියා...



**************මතු සම්බන්ධයි  ***************








2 comments:

  1. ඔන්න මලෙ අපිත් ආව.දෙබස් වල දිග චුට්ටක් අඩු කරල දිගටම ලියන්න.සුබ පතනව සාර්තක වෙන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුත්යි අයියේ.... ඊගාව කොටස එහෙම ලියන්න බලන්නම්... දිගටම එන්න....

      Delete